විමසන්න මට හිතයි ඔබෙ සිත මටද ආදරේ
විමසන මට බයයි හොඳ හිත බිඳෙයිදෝ අපේ
හඟවන්නෙ කෙලෙස මගෙ හිත දුක් විඳිනවා මෙසේ
වැටහෙන්නෙ ඔබ කෙරෙන් මා හට ආදරේ වගේ.....
පිණි බිංදු වැටෙන හිමිදිරියෙම සිනා කැන්දනා
සඳ කැළුම් ගලන රාත්‍රියෙත් මා අමතනවා
හොඳ නරක දුකට විටකදි නුඹ මගේ ළඟ නිසා
මේ ආදරයද මිතු දමක්ද කියනවද ඔයා....
නිදි නොමැති පාළු හැම රැය නුඹ මට මතක් වෙනා
රෑ නින්ද ගියත් හීන පුරයි නුඹ ළඟ ඉඳලා
හිත ඇති තැනකට ගියොතින් නුඹ මට පිටුපාලා
අමනාප වෙන්නෙ කොහොමද අපෙ මිතු දම බිඳලා....
මේ ආදරයද මිතු දමක්ද කියනවද ඔයා....
--------Nesaya Creations----------
--------Nesaya Creations----------

No comments:
Post a Comment