නොකී ඇවිදින් මගේ ගගනත
පහන් කල නුබ සරා සද...
පෙරුම් පුරන සංසාරෙට
විකසිත වූ හැගුමන් එක් කල,
නුබේ සුකොමල දෑත මා දෑතේ පටලාන
සීතල පින්නේ,
ආදරෙන් ගුලි වී,
දෑස මානේ ඉන්නට ඇත්නම්
ඔබේ ලගටම වෙලා..
ගැහේවි ළයමඩල උණුහුමට
දැනිලද මන්දා නුබේ දයානුරාගය...
අනුනාද වේ නම් නුබේ ළයමඩල
පද්මයකි,
නෙලුමකි,
මකරන්දයකි ජීවිතයට
කවමදාකවත් තනි නොවෙන.....
--------Nesaya Creations----------
--------Nesaya Creations----------

No comments:
Post a Comment